ඩොලර් මිලියන 250ක් වටිනා ආයුධ තොගයක් තලේබාන් සංවිධානය අතට.

0
336
Armed members of Taliban Islamic students' movement sit atop an armoured personnel carrier as they prepare in their forward camp at Sheikhabad in the southeastern Afghan province of Wardak on February 4 to invade the provincial capital Maidan Shahr. Maidan Shahr is the last stronghold controlled by Gulbuddin Hekmatyar's opposition Hezbi Islami party in Taliban's advance from the south to the capital Kabul - PBEAHUMZMBO

ඇමරිකානු සහ නේ⁣ටෝ හමුදා ඉවත්වීමත්, ඇෆ්ගනිස්තාන හමුදාවෙි පරාජයත් සමග ඔවුන් සතුව තිබූ ඩොලර් මිලියන 250 ක් පමණ වටිනා නවීන ආයුධ තොගයක් තලේබාන් සංවිධානය අතට පත්ව ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු සහ නේටෝ හමුදා සතුව තිබූ ඩොලර් මිලියන 230ක් වටිනා අවි සහ ඇෆ්ගනිස්තාන හමුදාව සහ පොලිසිය සතුව තිබු ඩොලර් මිලියන 20ක් වටිනා ආයුධ මෙලෙස තලේබාන් සංවිධානය සතුව ඇති බවයි.

මෙම අවි අතර ඇමරිකාවේ නිෂ්පාදිත බ්ලැක්හෝක් හෙලිකොප්ටර් ,රුසියාවේ නිෂ්පාදිත එම්අයි 17 හෙලිකොප්ටර් මෙන්ම බ්‍රසීලයේ නිෂ්පාදිත ඒඑන් 29 ප්‍රහාරක යානා ද වන බව සදහන් වේ.

ඊට අමතරව ,සන්නද්ධ රථ විශාල සංඛ්‍යාවක් , නවීන අවි සහ උණ්ඩ විශාල ප්‍රමාණයක් ද තලේබාන් සංවිධානය සතුවී තිබේ.

මේ වනවිට තලේබාන් සාමාජිකයන් මෙම අවි අත්හදා බලමින් සිටින ආකාරය දැක්වෙන වීඩියෝද අන්තර්ජාතික මාධ්‍ය මගින් නිකුත් කර තිබේ.

අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයන් සදහන් කර ඇත්තේ මෙම අවි තවත් අන්තවාදී සංවිධාන අතර බෙදී යාමේ අවදානමක් ඇති හෙයින් මේ සම්බන්ධයෙන් ලෝකය පුලුල් අවධානයක් යොමු කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here