Tuesday, January 21, 2025

ඩොලර් 105 ක් දක්වා බොරතෙල් බැරලයක මිල ඉහළ නගී

2014 වසරෙන් පසු පළමු වරට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 105ට වඩා මිල ඉහල ගොස් තිබෙනවා.

යුක්රේනයට එරෙහිව රුසියාව එල්ල කරන ප්‍රහාර හමුවේ ගෝලීය බලශක්ති සැපයුමට බලපෑම් සිදු කිරීම හමුවේයි මෙම මිල ඉහළ යාම සිදුවී ඇත්තේ.

Brent වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 8.24 කින් (8.5%) කින් ඩොලර් 105.08 දක්වා ඉහළ ගියා.

එක්සත් ජනපද බටහිර ටෙක්සාස් අතරමැදි (WTl) බොරතෙල් ඩොලර් 7.78 ක් (8.5%) කින් ඩොලර් 99.88 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බ්‍රෙන්ට් සහ ඩබ්ලිව්.ටී.අයි පිළිවෙළින් 2014 අගෝස්තු සහ ජූලි මාසයෙන් පසු වාර්තා කර ඇත්තේ ඔවුන්ගේ ඉහළම අගයන් වීම විශේෂත්වයක්.

රුසියාව තුන්වන විශාලතම තෙල් නිෂ්පාදකයා වන අතර දෙවන විශාලතම තෙල් අපනයනකරු වනවා.

රුසියාව යුරෝපයට විශාලතම ස්වාභාවික ගෑස් සපයන්නා ද වන අතර එහි සැපයුමෙන් 35% ක් පමණ සපයන්නේ රුසියාවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles