Tuesday, May 14, 2024

රුසියානු ගුවන් යානයක් පහර දී බිම දමයි

රුසියානු ගුවන් යානයක් Kyiv හි Darnytskyi දිස්ත්‍රික්කයට ඉහළින් වෙඩි තබා බිම හෙළා ඇති බව යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු තහවුරු කර තිබෙනවා.

නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයෙකු වන ඇන්ටන් හෙරෂ්චෙන්කෝ පවසන්නේ  Koshytsia Street හි මහල් නිවාසයට ජෙට් යානය කඩා වැටී ඇති බවයි.

ප්‍රාදේශීය වාර්තා පවසන්නේ කියෙව්හි මහල් නවයක නේවාසික ගොඩනැගිල්ලක් ගිනිගෙන ඇති බවයි.

අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ෂ්කෝ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා.

යුක්‍රේන අගනුවර මීට පෙර පිපිරීම් කිහිපයක් පිළිබඳ වාර්තා වී ඇති අතර කියෙව් අසල නගරයක් වන බ්‍රෝවාරි හි හමුදා කඳවුරකට රුසියානු කෲස් මිසයිල ප්‍රහාරයක්ද  එල්ල වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

යුක්‍රේන හමුදාව මෙතෙක් මේ පිළිබඳව අදහස් දක්වා නොමැති බව  විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙි අතර යුක්රේනයේ Kyiv අගනුවරට ගුවන් හෝ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව යුක්රේන රජයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

Live at 8

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles