“ඩෝරා” සිංහ පැටවා මහජන ප්‍රදර්ශනයට

0
354

ඩෝරා” නමැති සිංහ පැටවා අද (18) සිට මහජන ප්‍රදර්ශනයට තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා පවසනවා.

2021.07.26 දින උපත ලද ඩෝරා මේ වන විට වසය මාස හතරාහමාර සිංහ පැටවෙක්.

මහජන ප්‍රදර්ශනයට තැබුවද ඩෝරා රංචුවකට එක්කිරීමට තරම් සුදුසු තත්ත්වයකට පැමිණෙන තෙක් හුදකලාව තැබීමට නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

”ඩෝරා” රිදියගම සෆාරි උද්‍යානයේම සිටින ”ලාරා” නැමති සිංහ ධේනුව පළමුවෙන්ම බිහිකළ සිංහ පැටවායි.

රිදීයගම සෆාරි උද්‍යානයේ මේ වනවිට සිංහයින් 15 දෙනෙකු සිටින අතර ඉන් එම උද්‍යානයේම ඉපදුන සිංහ පැටවූන් 08 දෙනෙකු සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here