Thursday, January 16, 2025

තත්ත්වයෙන් උසස් ඔක්සිමීටර් මිලදී ගන්නේ මෙහෙමයි

ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර් මිලදී ගැනීමෙන් වළකින ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එවැනි ඔක්සිමීටර් භාවිතයෙන් සිරුරේ ඔක්සිජන් මට්ටම පිළිබඳ වැරදි දත්ත ලබාදෙන බවයි එහි ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත පෙරේරා මහතා සඳහන් කළේ.

මේ හේතුවෙන් ජනතාව අනවශ්‍ය කලබලයට පත් වන බව ද ඔහු පැවසුවා.

වෙළෙඳපොළට නිකුත් කිරීමට අවසර ලබා දී තිබෙන ඔක්සිමීටර නිෂ්පාදන වල තොරතුරු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවියේද ඇතුළත් කර තිබෙන බවයි අමිත පෙරේරා මහතා සඳහන් කළේ.

තත්ත්වයෙන් උසස් ඔක්සිමීටර මිලදී ගැනීමේ ඊට බිල්පතක් ලබාදෙන අතර මාස 06ක වගකීම් කාලයක් ද ලබාදෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරිවරයා පැවසුවා.

රජයේ ඔසු සැල්වලින් (SPC) සහ ලියාපදිංචි පෞද්ගලික ආයතනවලින් තත්ත්වයෙන් උසස් ඔක්සිමීටර ලබා ගැනීමේ හැකියාව පවතනවා.

ඖෂධ ශාලාවකින් මෙම උපකරණ මිලදී ගැනීමේදී වගකීම් සහතිකයක් නිකුත් නොකරන්නේ නම් එවැනි ඔක්සිමීටර් මිලදී ගැනීමෙන් වලකින ලෙස ඔහු අවධාරණය කළා.

ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර් පාරිභෝගිකයින්ට අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හා එම උපකරණ වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියා. (colombotimes.lk)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles