තලංගම පොලීසිය ආසන්නයේ බෝම්බයක් පුපුරා යයි

0
532

තලංගම පොලීසිය ආසන්නයේ හීනටිකුඹුර නිවාස සංකීර්ණයේ බෝම්බයක් පිපිරී පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තව ත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

බස්නාහිර පළාත භාර උසස් නිලධාරියෙකු පැවසුවේ, සිද්ධියෙන් පිරිමි අයෙකු හා කාන්තාවක මිය ගොස් ඇති බව ය.

සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

එහි අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පැවසුවේ, අවුරුදු 09ක ගැහැණු ළමයෙකු සහ මවක සිද්ධියෙන් තුවාල ලබා ඇති බව ය.

මව බරපතළ තුවාල ලබා ඇති බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here