තලේබාන්වරු IPL නැරඹීම තහනම් කරයි!

0
604

ඇෆ්ගනිස්තානයේ සිටින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලිය නැරඹීමේ අවස්ථාව ගිලිහී ගොස් තිබෙනවා. 

ඒ, ඇෆ්ගනිස්තානය තුළ මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලිය විකාශය කිරීම තහනම් කිරීමට තලෙයිබාන් සංවිධානය පියවර ගැනීමත් සමගයි. 

තරග විකාශය අතරතුර ඉස්ලාම් විරෝධී අන්තර්ගතයන් ද විකාශය විය හැකි බැවින් අයි පී එල් තරගාවලිය ඇෆ්ගනිස්තානය තුළ විකාශය නොකිරීමට තලෙයිබාන් පාලනය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

මේ අතර ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු මාධ්‍ය කළමනාකාරවරයෙකු ටිව්ටර් සටහනක් නිකුත් කරමින් පවසන්නේ අයිපී එල් පිටියේදී කාන්තාවන්ගේ නර්තනයන් හා කාන්තා සහභාගීත්වය පෙන්නුම් කෙරෙන බැවින් ඇෆ්ගනිස්තානය තුල අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ විකාශන කටයුතු අත්හිටුවා ඇති බවයි. 

කෙසේවෙතත් මෙවර අයි පී එල් තරගාවලිය සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු ද සහභාගී වනවා. ඒ, රශීඩ් කාන්, මොහොමඩ් නබී හා මුජිබුර් රහුමාන්. 

ඇෆ්ගනිස්තානය තලෙයිබාන් පාලනයට නතුවීමෙන් අනතුරුව එරට වැසියන්ට ක්‍රීඩා රැසක නිරත වීම තහනම් කිරීමට තලෙයිබාන් පාලනය පියවර ගනු ලැබුවා. ඒ අනුව විශේෂයෙන්ම කාන්තාවන්ට ක්‍රීඩාවල නිරත වීම තලෙයිබාන් පාලනය මගින් තහනම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here