Friday, April 26, 2024

කෙරවලපිටිය බේරාගන්නා බවට වහසිබස් දොඩයි…!

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය රැකගත් ආකාරයෙන් කෙරවලපිටිය තාප බලාගාරයද රැක ගන්නා බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ පවසයි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක් ඊයේ (20) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයින් සහ නියෝජිතයින් අද පස්වරුවේ බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයට රැස්වී කෙරවලපිටිය තාප බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමකට විකිණිම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබූ බව අමාත්‍ය  විමල් වීරවංශ මහතා පැවසීය. 

මාධ්‍යවේදියා – ඇමතිතුමා සාකච්ඡාව ගැන පොඩ්ඩක් ?

“පක්ෂ 11ක් සාකච්ඡා කළා රටේ තියෙන තත්ත්වය ගැන. විශේෂයෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර මැතිතුමත් පැමිණියා.”

මාධ්‍යවේදියා –  LNG බලාගාරය ඇමරිකාවට විකිණිම සම්බන්ධයෙන් සාකච්ඡා කළාද?

“පක්ෂවල නායකයින් තීරණය කළා ජනාධිපතිතුමා පැමිණි විගසම සාකච්ඡාවක් ලබාගෙන මේ ගැන කතා කරන්න. ඒ වගේම අගමැතිතුමා සමඟත් තවත් පක්ෂ නායකයින් සමඟත් මේ ගැන අදහස් හුවමාරු කර ගන්න අපි තීරණය කළා.”

මාධ්‍යවේදියා – රාත්‍රී 12.06 ට අත්සන් කරලා ගිහිල්ලත් ඉවරයි. දැන් තේරුමක් වෙයිද ඔබතුමන්ලා සාකච්ඡා කරලා?

“එහෙම අසුභවාදි වෙන්න එපා”

මාධ්‍යවේදියා – ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියලා ආපු ආණ්ඩුවක් මොකද මේ කරන්නේ ඇමතිතුමා?

“අපි ගන්න පියවර ඉදිරියේ දී කියන්නම්”

මාධ්‍යවේදියා – ආණ්ඩුවෙන් යන්න වගේද?

මාධ්‍යවේදියා – ගිවිසුම අත්සන් කරලා රටෙන් ගිහිල්ලත් ඉවරයි කියලා ජ.වි.පෙ. චෝදනා කළා ?

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසා සිටියේ, “දේශපාලන තීන්දුවක් ගන්නකොට ඔය කොළ කෑලිවල අත්සන් කරපුවා ඒකට වලංගු වෙන්නේ නෑ. අපි උත්සහ කරමු දේශාපාලන තීන්දුවක් ගන්න.” යනුවෙනි.

මාධ්‍යවේදියා – දැන් කැබිනට් එකට දැම්මාද?

“කැබිනට් එකේ සාකච්ඡා වුණේ අල්ප වශයෙන්”

මාධ්‍යවේදියා – ඔබතුමාලා කියන දේ ආණ්ඩුව අහන්නේ නැහැනේ?

“නැගෙනහිර ජැටිය ආණ්ඩුව අහන තැනට ගෙනාවානේ. වෙනස් මත තිබුනට එක තැනකට එනවා. නැගෙනහිර ජැටිය වගේමයි”

මාධ්‍යවේදියා – උදය ගම්මන්පිල මහත්මා දැනුවත් වෙලාද මේක අත්සන් කරලා තියෙන්නේ?

“උදය ගම්මන්පිලගෙන් අහන්න”

මාධ්‍යවේදියා – එතුමා ආවේ නැද්ද අද රැස්වීමට ?

“එතුමා ඩුබායි ගිහින්”

මාධ්‍යවේදියා – දැන් ඔබතුමන්ලා වගේ ප්‍රගතිශිලි පුද්ගලයෝ ඉද්දිත් ඇයි මේ වගේ දේවල් වෙන්නේ?

“ඒක තමයි අපිත් අහන්න ඕන ප්‍රශ්නය.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles