Sunday, September 22, 2024

තලේබාන් ජයෙන් උදම් ඇනූ පකිස්තානයටත් වැඩ වරදින ලකුණු.

තලේබාන් සංවිධාන⁣යට ඇෆ්ගනිස්තානයේ බලය තහවුරැ කර ගැනීම සදහා අවශ්‍ය සහය ලබාදී එම ජය පිළිබද ප්‍රසිද්ධියේ සිය සතුට පළකලද පකිස්තානයට තලේබාන් තර්ජන එල්ල වීමේ අවදානම වැඩිවී ඇති බවට ආරක්ෂක විශ්ලේෂකයන් අනතුරැ අගවා තිබේ.

මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පකිස්තාන තලේබාන් හෙවත් තරෙක් ඊ තලේබාන් සංවිධානයේ සාමාජිකයන් පකිස්තාන දේශසීමාවට නුදුරැව ඇෆ්ගනිස්තාන තුළ රැදී සිටිමින් පකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සහ ඒවා සංවිධානය කිරීමයි.

තරෙක් ඊ තලේබාන් සංවිධානය පසුගිය දශකයේදී පකිස්තාන තුළ ත්‍රස්ත ප්‍රහාර 1800ක් පමණ එල්ල කර ඇති අතර සන්නද්ධ පුහුණුව ලැබූ එහි සාමාජිකයන් 6000ක් පමණ දේශසීමාවට නුදුරැව ඇෆ්ගනිස්තාන භූමිය තුළ ස්ථානගතව ඇතැයි පැවසේ.

පසුගිය සතියේ පකිස්තානයේ ක්වෙට්ටාහි දී එරට හමුදා සාමාජිකයන් සිවිදෙනකු ඝාතනය කරමින් සහ තවත් 19 දෙනෙකුට තුවාල සිදුකරමින් එල්ල කරනු ලැබූ මරාගෙන මැරෙන ප්‍රහාරය ද සිදුකර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ සිට,පැමිණි තරෙක් ඊ තලේබාන් සාමාජිකයකු බව මේ වන විට හෙළිවී තිබේ.

ඒ අනුව තලේබාන් හිතවාදී ප්‍රතිපත්තියක සිටියද ඉදිරියේදී පකිස්තානයට පවා තර්ජන එල්ල වීම සිදුවිය හැකි බව ආරක්ෂක විශ්ලේෂකයන්ගේ මතයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles