Friday, September 20, 2024

තලේබාන් පාලනයට එරෙහිව විදෙස් රටවල විරෝධතා

ඇෆ්ගනිස්තානයේ බලය තලේබාන් සංවිධානය විසින් අල්ලා ගැනීමට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර දී විරෝධතා ව්‍යාපාර පවත්වා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විරෝධතාකරැවන් තලේබාන් සංවිධානයට මෙන්ම ඇෆ්ගනිස්තාන ජනතාව අතහැර දැමීම සම්බන්ධයෙන් බටහිර රටවලටද සිය වි⁣රෝධය පළකළ බවයි.

මේ අතර තලේබාන් සංවිධානයට එරෙහිව ග්‍රීසියේ තෙසාලොනිකි නගරයේද දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේ.

එම රටවල වෙසෙන ඇෆ්ගනිස්තාන ජනතාව මෙන්ම තවත් මුස්ලිම් රටවල් රැසක විදෙස්ගත ප්‍රගතශිලී කොටස් ද මේ විරෝධතාවලට සම්බන්ධව සිටි බව සදහන් වේ.

අගෝස්තු 15 වනදා තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට ඇතුලු වී බලය තහවුරැ කර ගැනීමත් සමග රටවල් රැසකදී ඊට එරෙහිව මහජන විරෝධතා ව්‍යාපාර පැවැත්විණ.

ඇමරිකාව ,ඔස්ට්‍රේලියාව,
ප්‍රංශය,ඔස්ට්‍රියාව ඇතුළු රටවල් රැසක මෙම විරෝධතා ව්‍යාපාර පැවැත්විණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles