Sunday, December 29, 2024

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කරන්න – මානව හිමිකම් කොමිසම රජයට දැනුම් දෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දැනුම් දෙනවා.

ත්‍රස්තවාදය යන්නට නව අර්ථකථනයක් ඇතුළත් කර ඊට අදාළ චෝදනා දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කල යුතු බවයි කොමිසමේ ස්ථාවරය වන්නේ.

2022 වසර සඳහා මානව හිමිකම් කොමිසමේ මාර්ග සැළැස්ම සම්බන්ධයෙන් මෑතකදී විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කර ඇති අතර එහිදීද මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇතැයි මානව හිමිකම් කොමිසම නිකුත් කල නිවේදනයක සඳහන්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයෙකු රඳවා ගත හැකි කාල සීමාව ව්‍යවස්ථාවට පටහැනි බව එහි සඳහන්ය.

සිදුකෙරෙමින් පවතින විමර්ශනයක් මත පදනම්ව කිසියම් අයෙකුට දඩුවම් නියම කල නොහැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

තමන් යෝජනා කරන සංශෝධන සඳහා දණ්ඩ නීති සංග්‍රහය – අපරාධ නඩු විධිවිධාන පනත – අධිකරණ පනත සහ ඇප පනත සංශෝධනය විය යුතු බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයෙන් ඉල්ලීමක් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles