තායිවානය ජීව විද්‍යාත්මක ප්‍රහාරයකට මුහුණදීමට සැරසේ.

0
532

චීනය තමන් වෙත ජීව විද්‍යාත්මකව දියුණු කරන ලද ජෛව ආයුධ යොදා ගනිමින් ප්‍රහාර එල්ල කල හැකි බවට තායිවානය තුළ සැකයක් මතුව ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙි හේතුවෙන් මෙවර වාර්ෂික යුද අභ්‍යාසවලදී ජීව විද්‍යාත්මක ප්‍රහාරයකට මුහුණදීමට අදාළ පෙරහුරැවල නිරතවීමට තායිවානය කටයුතු කර ඇති බවයි.

චීනය විවිධ බැක්ටීරියා යොදාගෙන ජීව විද්‍යාත්මක අවි අත්හදා බලා ඇති බවට පැහැදිලි සාක්ෂි ඇති බව නිව්ස්වීක් පසුගියදා වාර්තා කර තිබිණ.

එම වාර්තාවලට අනුව, සාමාන්‍ය මට්ටමේ පවතින ස්වභාවික කො⁣රෝනා වෛරසය මෙන් දහස් ගුණයක් බලවත් වෛරස පවා චීනය විසින් පරීක්ෂණාගාරවලදී අත්හදා බලා ඇති බව සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here