Monday, April 29, 2024

මුතුරාජවෙල ගොඩ කිරීමෙන් වන ව්‍යසනය ගැන අනාවරණයක්

දේශපාලන බලය නිසා ඉදිරියේදී රටට වෙන්න යන දේ

දේශපාලන බලය යොදාගෙන මුතුරාජවෙල අවට තෙත්බිම්, ඇතුළු පහත්බිම් ගොඩකිරීම නිසා නුදුරේදීම කැලණි ගඟ අවට ගංවතුරෙන් සිදු වූ විනාශය මෙන් දහස් ගුණයක හානියක් මීගමුව දක්වා ප්‍රදේශයේ සිදුවිය හැකි බව අනාවරණය වී ඇත.

මේ හේතුවෙන් නුදුරේදීම ගංවතුර නිසා අවතැන් වූවන් වෙනුවෙන් ආධාර දීමට බිලියන ගණනක මුදලක් මෙන්ම අඹතලේ ඇතුළුව සවිකර ඇති ගංගා ජලය මුහුදට පොම්ප කරන ස්ථාන සඳහා ඩොලර් බිලියන ගණනක් වෙන් කිරීමට සිදුවන බව බලධාරීන් අනතුරු හඟවා ඇත.

පසුගිය ගංවතුරේ දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය බිලියන තුනක් වැය කර ගංවතුරෙන් අවතැන් වූවන්ට දින තුනකට ආහාර පාන ලබා දී තිබිණි.

දැනට සිදුවන අනවසර ගොඩකිරීම් හමුවේ මුතුරාජවෙල තෙත්බිම් ආරක්ෂා නොවුණහොත් කඳාන, ජාඇල, මීගමුව දක්වා ගංවතුර තර්ජනය ඇතිවිය හැකි බව දැනට පෙනී ගොස් ඇත.

මුතුරාජවෙල තෙත්බිම් ගොඩ කිරීම නිසා ඉදිරියේ දී පහත්බිම් ආශ්‍රිතව ජනතාව දැඩි අවදානමකට ලක්වෙමින් පවතින බව ද හෙළි වී ඇත. මීට අමතරව ඇලකන්දේ සිට මීගමුව දක්වා ප්‍රධාන මාර්ග ද ජලයෙන් වැසීයාමේ තර්ජනයට මුහුණ දිය හැකි බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

පසුගිය වසර කිහිපයක් තිස්සේ දේශපාලන සහාය ඇතිව පහත්බිම්වල තිබූ අක්කර 388ක් ගොඩ කර ඇතැයි මේ වන විට හෙළි වී ඇත.

Aruna

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles