තැපෑල දින තුනකට සීමා වෙද්දී… ප්‍රා.ලේ කාර්යාල දින තුනක් වැසේ!

0
750

ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන දිවයිනේ තැපැල් සහ උප තැපැල් කාර්යාල සතියේ දින තුනක් පමණක් විවෘත කර තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ් අනුව සෑම සතියකම අඟහරුවාදා, බදාදා, සහ බ්‍රහස්පතින්දා දිනවල දිවයින පුරා පිහිටා ඇති තැපැල් සහ උප තැපැල් කාර්යාල හරහා මහජන සේවාවන් පවත්වාගෙන යන බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අතරම සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශ වෙතින් සපයනු ලබන උපත්, විවාහ, මරණ සහ සියලුම ඉඩම් රෙජිස්ට්‍රාර් සහතික පිටපත් නිකුත් කිරීම සඳුදා සහ බදාදා දින 2ක් තුළදී පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here