Wednesday, October 30, 2024

තුන්වන මාත්‍රාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රසාදය

ලොව ප්‍රබල රටවල් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නතේ තුන්වන මාත්‍රාවක්, සිය ජනතාවට ලබා දීමට සූදානම් වීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අප්‍රසාදය පළ කර තිබෙනවා.තුන්වන එන්නත් මාත්‍රාවක අවශ්‍යතාව පිළිබඳ තවමත් විද්‍යාත්මකව ඔප්පුවී නොමැති බව එම සංවිධානය පෙන්වා දෙනවා.ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මේ වන විට ලොව රටවල් ගණනාවක වසංගත තත්ත්වය ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.එසේම එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීඹට අපහසු වී ඇති රටවල වෛරස ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙනවා.එන්නත්කරණය දුර්වලව පවතින රටවලට එන්නත් තොග පරිත්‍යාග කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය, ධනවත් රටවලින් මීට පෙර ඉල්ලා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles