Monday, January 20, 2025

තෙල් පෝලිම් හෙට හා අනිද්දායින් පසු නැතිලු – ලොකුගේ කියයි

ඉන්ධනහල් ආශ්‍රීත පෝලිම් හෙට හා අනිද්දායින් පසු නොමැති වනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්විමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ සතිය වන විට විදුලිය කැපිමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

විදුලිබලය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ගෙන්වීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බවයි බලශක්ති අමාත්‍යවරයා පැවසුවෙි

ඔහු මේ බව සදහන් කළේ ඊයේ (07) පැවති අමාත්‍ය මණ්ඩල හමුවෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල හමුව පැවති අතර ඊට අමාත්‍ය වාසුදේව නානායක්කාර එක්ව සිටියේ නැහැ.

ඔහු මීට පෙර ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් කියා සිටියේ තමන් අමාත්‍ය මණ්ඩල හමුවලට සහභාගි නොවන බවයි.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන අමාත්‍යවරුන් දෙදෙනා සිය අමාත්‍යාංශවලින් ඉවත් කිරීමෙන් පසු පැවති ප්‍රථම අමාත්‍ය මණ්ඩල හමුව ද මෙය වනවා.

මේ අතර, අද (08) දිනයේදීත් පෙර දිනවල පරිදි පැය හත හමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles