දකුණු අප්‍රිකානු ප්‍රභේදය රටට ඇතුලුවීම වැළකිය නොහැකි බවට වන ප්‍රකාශ වගකීම් විරහිතයි

0
309
NewsRadio - Sinhala


HomeCovid 19

“දකුණු අප්‍රිකානු ප්‍රභේදය රටට ඇතුලුවීම වැළකිය නොහැකි බවට වන ප්‍රකාශ වගකීම් විරහිතයි”

Tharaka Padukka

 by Tharaka Padukka8 hours ago0SHARES

දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය රටට ඇතුලුවීම වැලැක්වීමට කිසිවක් කල නොහැකි බවට සිදුකරනු ලබන ප්‍රකාශ වගකීම් විරහිත බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමය පවසනවා.

ගුවන්තොටුපල පරිශ්‍රයේ ඊට අදාල ප්‍රභේද පරීක්ෂණ ක්‍රියාවලිය හිතාමතාම අකර්මණ්‍ය කිරීමෙන් මෙවන් ප්‍රකාශ සිදු කිරීමට රටකට සෞඛ්‍ය අමාත්‍යාංශයක් අවශ්‍ය වන්නේද යන්න පවා ගැටලූවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

රට රතු කලාපයකින් මුදා ගැනීම සදහා පවතින ප්‍රභේද පිළිබද මනා අවබෝධයක් සහ ව්‍යාප්ත වීමේ සීඝ්‍රතාවය අඩු කල යුතු බවයි වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ.

විද්‍යාත්මක ලෙස දින දහයක් රට නොවැසීම නිසා ඉදිරියටත් තවත් රට ලොක් ඩවුන් කිරීමට සිදුවනු ඇති බවද ඔහු සදහන් කළා.

ඒ අනුව නිසියාකාරව දින දහයක කාලයක් රට ලොක් ඩවුන් කිරීමේ අවශ්‍යතාව පවතින බැවින් එය ක්‍රියාත්මක කරන ලෙසයි රවී කුමුදේශ් මහතා ඉල්ලා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here