දකුණු ආසියාවේ දෛනික කොරෝනා මරණ අනුපාතය ඉහළම රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි

0
368

දකුණු ආසියානු කලාපයේ දෛනික කොරෝනා මරණ සමස්ත ජනගහනයෙන් මිලියනයකට අනුව සිදුකරන ගණනය කිරීම් වලදී වැඩිම මරණ ගණන ලෙස ශ්‍රී ලංකාව අංක එකට පත්වී තිබෙනවා. ඒ ඉන්දියාව නේපාලය සහ බංග්ලාදේශය ද අභිභවමින්.

ඒ අනුව ඊයේ දින මෙරටින් ප්‍රකාශයට පත් කළ කොරෝනා මරණ ගණන අනුව දෛනික කොවිඩ් මරණ ගණන සමස්ත ජනගහනයෙන් මිලියනයකට මරණ 9ක්.

මෙම තත්ත්වය අනුව පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානයේ පසුවන බංග්ලාදේශය සහ නේපාලයේ මරණ ගණන සමස්ත ජනගහනයෙන් මිලියනයකට කරන එකකි . ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන දෙවැනි සහ තුන්වන ස්ථානයේ පසුවන රටවලටද වඩා ඉතාමත් ඉහළ අගයක් ගනී.

මෙය දැඩි අවදානම් සහගත තත්ත්වයක් ලෙස සැලකිය හැකියි. අසල්වැසි රට ඉන්දියාව සිටින්නේ දකුණු ආසියානු කලාපයේ 4 හතරවෙනි ස්ථානයේ. ඔවුන්ගේ දෛනික කොවිඩ් මරණ සමස්ත ජනගහනයෙන් මිලියනයකට 0.4 ක්.

ඔවුන්ගේ දෛනික මරණ ගණන 559ක්. දකුණු ආසන්න කලාපයේ දෛනික කොවිඩ් මරණ අනුව පස්වන සහ 6 වන ස්ථානයේ සිටින්නේ පිළිවෙලින් පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here