Thursday, May 2, 2024

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාල සීමාවේදී එන්නත්කරණ කටයුතු සිදුවන අයුරු ගැන පැහැදිලි කිරීමක්

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාල සීමාවේදී දිවයින පුරා සියලුම එන්නත් කිරීමේ වැඩසටහන් බාධාවකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට බලාපොරොත්තු වන ජනතාවට එම කාල සීමාව තුළ ද තමන්ට අදාළ එන්නත ලබාගැනීමට පහසුකම් සපයා ඇති බවයි යුදහමුදාපතිවරයා පැවසුවේ.

ඒ අනුව එම ස්ථාන වලට ගමන් කිරීම සඳහා ඔබ එන්නත ලබාගත් බවට වන එන්නත්කරණ කාඩ්පත ඔබ සතුව තිබිය යුතු වනවා.

එමෙන්ම නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාල සීමාවේදී දිවයින පුරා වයස අවුරුදු 60ට වැඩි මෙතෙක් එන්නත ලබානොගත් සැප්තැම්බර් 01 වන දිනට පෙර එන්නත්කරණය සිදුකර අවසන් කරන ලෙසටද ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබෙනවා. (colombotimes.lk)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles