දකුණේ ධීවරයින්ට උතුරේ මසුන් ඇල්ලීමට යළි බලපත්‍ර නෑ…

0
497

උතුරු මුහුදු තීරයේ ධීවර කර්මාන්තයේ යෙදීම සඳහා දකුණේ සිට පැමිණෙන ධීවරයින්ට නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන ලෙස ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබේ.

නිලධාරීන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ද  අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් ලබා දී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතු සඳහා සංක්‍රමණය වන ධීවරයින් දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටින බවට උතුරේ ධීවරයින් විසින් ධීවර අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

ඒ අනුව එම ගැටලුව පාලනය කිරීම සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන ලෙස අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත.

එම උපදෙස් නොසලකාහැර කටයුතු කරන නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදි සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here