දරුණු අගාධයෙන් ගොඩ ඒමට ආණ්ඩු මාරුවක් වෙනුවට රටේ පාලනය බුද්ධි මණ්ඩලයකට පවරන්න

0
321

ශ්‍රී ලංකාව වැටී ඇති දරුණු අගාධයෙන් ගොඩ ඒමට ආණ්ඩු මාරුවකින් නොහැකි බවත් රටේ පාලනය යම් කාලයකට බුද්ධි මණ්ඩලයකට භාරදිය යුතු බවත් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඒ අනුව මහ බැංකුව ඇතුළු බැංකු පද්ධතිය, ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගුව, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ජල සම්පාදනය වැනි තැන් බුද්ධි මණ්ඩලයක් යටතට පත්කර භාරකාර පාලනයක් කරා ගෙනයා යුතු බව‍යි මන්ත්‍රීවරයා අවධාරණය කර සිටින්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

” භාරකාර මණ්ඩලයකට පත් කිරීම ව්‍යවස්ථාවේ 148 වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවරී තිබෙන වගකීමක්. අද වන විට මුළුමනින්ම රට කඩාවැටිලායි තිබෙන්නේ. ජනතාවට තවදුරටත් මේ තත්ත්වය ඉවසා දරාගැනීමට නොහැකියි . මෙය කැරැල්ලක් කරා වර්ධනය විය හැකියි. එය වළක්වා ගැනීම සඳහා අප ඉදිරිපත් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ වගේම තවත් අය වැඩපිළිවෙළ ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේවා ක්‍රියාත්මක කිරීම සඳහා බුද්ධි මණ්ඩලයට භාර දිය යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here