දරුවන් ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම වෙනුවෙන් කැපවෙනවා -ජනපති

0
490

ළමා ශ්‍රමය සූරාකමින් ළමා හිංසනයන් සිදුකරන පුද්ගලයින්ට ලබාදිය හැකි ඉහළම දඞුවම වන්නේ ඔවුන් පිළිබඳ සමාජයට හෙළිදරව් කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ සඳහා මාධ්‍ය ආයතන වෙත ඉහළ වගකීමක් පැවරී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ලෝක ළමා ශ්‍රම විරෝධී දිනයට සමගාමීව අද(22) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ලෝක ළමා ශ්‍රම විරෝධී දින ජාතික වැඩසටහනට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන්ට අනුව කටයුතු කරන රාජ්‍යයක් ලෙස දරුවන් ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම වෙනුවෙන් රජය ඉහළ වගකීමකින් කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here