Thursday, January 23, 2025

දවසකට පසු තිලිණ ඇප තියයි

නීති විරෝධී අන්දමින් අලියකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව එල්ල වී තිබියදී අධිකරණයට භාර වීමෙන් පසුව පෙරේදා (02 දා) පස්‌වරුවේ ගංගොඩවිල මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් ඇපමත මුදා හරිනු ලැබූ හිටපු කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් තිළිණ ගමගේ මහතා එදින අධිකරණයෙන් පිටව ගොස්‌ ඇත්තේ අධිකරණය නියම කළ රුපියල් ලක්‌ෂ පහක මුදල් ඇපය අධිකරණය හමුවේ තැන්පත් කිරීමකින් තොරව බව අධිකරණ ආරංචි මාර්ග පවසයි.

thilinagamageකුමන නිලයක්‌ දරන සැකකරුවකුට වුවත් අධිකරණය මගින් නියම කරනු ලබන ඇප නියෝග උල්ලංඝනය කර අධිකරණයෙන් පිටව යැමේ හැකියාවක්‌ නොතිබියදීත් සැකකාර අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එකී ඇප නියමයන් උල්ලංඝනය කිරීම සමාජයේ දැඩි කතා බහට ලක්‌වී තිබේ.

දෙපාර්ශ්වයක්‌ හමුවේදී යම් අධිකරණයක්‌ මගින් පනවන කිසියම් ඇප නියෝගයක්‌ අවලංගු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ නියෝගයක්‌ වේ නම් එකී අධිකරණය මගින් හෝ ඉහළ අධිකරණයක්‌ මගින් එය නිකුත් කළ යුතුය. එසේ නමුත් සැකකාර තිළිණ ගමගේ මහතාට එදින පස්‌වරු 6.30 ට නිකුත් කළ ඇප නියෝගය සංශෝධනය කිරීමේ නියෝගයක්‌ ගංගොඩවිල මහෙස්‌ත්‍රාත්වරයා විසින් නිකුත් කොට නොමැති බවද එම ආරංචි මාර්ග පවසයි. නමුත් සැකකරු වෙනුවෙන් ඊයේ 08 දා දහවල් එකී ඇප මුදල අධිකරණය හමුවේ තැන්පත් කොට ඇත. එකී ඇප මුදල් ඊයේ 03 දා දින බාරගත් බවට අධිකරණ රෙජිස්‌ට්‍රාර්වරයා නඩු ගොනුවේ සටහන් දමා ඇති බවද එකී ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles