දින වෙනස් කළ කීරි සම්බා කිලෝ 5000ක් කැකිරාවේ

0
408

ඇසුරුම්වල ව්‍යාජ ලෙස තොරතුරු සඳහන් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට සුදානම් කර තිබු සහල් තොගයක් සොයා ගැනීමට අනුරාධපුර භාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් සමත්ව තිබේ.

ලද තොරතුරකට අනුව සිදු කළ මෙම වැටලිමේදී කාණ්ඩ අංක,නිශ්පාදිත දිනය හා කල් ඉකුත්වීමේ දිනය වෙනස් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට සුදානම් කර තිබියදී මෙම සහල් තොගය සොයා ගෙන තිබේ. කැකිරාව,තිබ්බටුවැව ප්‍රදේශයේ පවත්වාගෙන යන සහල් නිශ්පාදනය කරන ස්ථානයක තිබි මෙම සහල් තොගය සොයා ගෙන තිබෙන අතර එම සහල් අසුරා තිබු මුල් ඇසුරුම් බෑගයන්හි සඳහන් කර තිබු නිශ්පාදිත දිනය,කල් ඉකුත්වීමේ දිනය හා කාණ්ඩ අංක මකා එයට උඩින් වෙනත් කාණ්ඩ අංක,නිශ්පාදිත හා කල් ඉකුත්වීමේ දිනය මුද්‍රණය කරන ලද ස්ටිකර් අලවා වෙළෙඳ පොළට නිකුත් කිරීමට සුදානම් කර තිබූ බව එම නිලධාරීන් කීහ. එසේම එම කිසිදු බෑගයක අලෙවි කිරිමේ මිලක් සඳහන් කර නොතිබු බවද ඔවුහු පැවැසූහ.මෙලෙස පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් භාරයට ගත් සහල් අතර කිලෝග්‍රෑම් විසි පහේ(25kg) බෑගයන් හී අසුරා තිබු සම්බා ,කීරි සම්බා කිලෝග්‍රෑම් පන්දහස් පන්සියයක(5500kg )පමණ ප්‍රමාණයක් සොයාගෙන තිබේ. පසුව නිලධාරින් එම ස්ථානය මුද්‍රා තැබීමට කටයුතු කළ අතර සැකකරුවන් ලබන විසිපස් වැනිදා (25) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ ස්ථාන භාර ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බි.ඒ.සි.පි පෙරේරා,විමර්ශන නිලධාරින් වන ඒ.එම්.එස්.කේ අබේසිංහ,චතුර වන්නිනායක,ඩබ්ලිව්.එම්.පි.කේ විජේපාල,ඩබ්ලිව්.ඩි.එස් චතුරාණි,ආර්.එස්.එම් රිෂ්මි යන මහත්ම මහත්මිහූ එක්ව මෙම වැටලීම සිදු කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here