Sunday, May 19, 2024

STF වැටලීම් 270ක් – සැකකරුවෝ 294ක් කොටු වෙති

නීතිවිරෝධි ආකාරයට රක්ෂිත එළි කරන්නන් අත්අඩංගුවට ගැනීමට 2020 ජනවාරි මස 01 වැනිදා සිට 2021 මාර්තු මස 11 වැනි දින දක්වා කාලය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය වැටලීම් 270ක් කර තිබේ. එම වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 294 දෙනෙකි.

මේ සැකකරුවන් සතුව තිබී ලෑලි සහ කඳන් 2,761ක්ද දම්වැල් කියත් 43ක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර, වැටලීම් හා සම්බන්ධ රක්ෂිත ප්‍රමාණය අක්කර 62ක් බව වාර්තා වේ.

2020 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට දෙසැම්බර් මස 31 දින දක්වා කර ඇති වැටලීම් සංඛ්‍යාව 218ක් වන අතර අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 238කි. මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා වැටලීම් 52ක් කර සැකකරුවන් 56 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිම වැටලීම් ප්‍රමාණයක් කර ඇත්තේ උතුරු සහ නැඟෙනහිර පළාත්වලය. උතුරු පළාතේ වැටලීම් 81ක් සහ නැඟෙනහිර පළාතේ වැටලීම් 87ක් කර ඇති අතර, උතුරුමැද පළාතේ වැටලීම් 55ක් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles