Sunday, September 22, 2024

දින 10 න් නිරෝධායනයෙන් නිදහස්

කොරෝනා ආසාදිතයන් හා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායනයෙන් නිදහස් කිරීමට අදාළ නව චක්‍රලේඛයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඊයේ (සැප්. 7) නිකුත් කර තිබේ.

ඒ අනුව, නිවෙස්වල නිරෝධායනයේ පසුවන සෞඛ්‍ය සේවාවල හෝ රජයේ අත්‍යවශ්‍ය සේවාවක නිරත කොවිඩ් රෝගීන් ආසාදිත වී දින දහයකට පසු රෝගී ලක්‍ෂණ හෝ ඖෂධයක් නොමැති උණ නොපෙන්වන්නේ නම් කොවිඩ් පරීක්‍ෂාවකින් තොරව ඔවුන් නිරෝධායනයෙන් නිදහස් කිරීමට හැකියාව ඇත.

අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත පූර්ණ එන්නත්කරණය ලැබූ සමීප ආශ්‍රිතයන් දින දහයකින් සිදුකරන කොවිඩ් පරීක්‍ෂාවකින් පසු රෝග ලක්‍ෂණ නොපෙන්වන්නේ නම් නිරෝධායනයෙන් නිදහස් කිරීමට ද හැකියාවක් තිබේ.

සත්කාරක සේවාවල නිරත සෞඛ්‍ය සේවා අංශවල නිලධාරීන්ට දින තුනේදී, හතේදී හා දහය යන දිනවල සිදුකරන කොවිඩ් පරීක්‍ෂාවක් මගින් අඛණ්ඩව සේවයෙහි නිරත වීමට හැකියාව ඇත.

අනෙකුත් සමීප ආශ්‍රිතයන් දින දාහතරකට පසු රෝග ලක්‍ෂණ නොපෙන්වන්නේ නම් කොවිඩ් පරීක්‍ෂාවකින් තොරව නිරෝධායනයෙන් නිදහස් කළහැකි බව ද එම චක්‍රලේඛය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles