Sunday, September 22, 2024

දියර ඔක්සිජන් සපයන්නැයි චීන⁣ රජයට ඉල්ලීමක්

වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා දියර ඔක්සිජන් සපයන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා චීන රජයේ සහාය ඉල්ලා ඇතයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.

චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා සමඟ පැවති හමුවක දී විදේශ අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත.

මේ දිනවල පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දියර ඔක්සජන් වහා සපයා ගැනීමේ අවශ්‍යතාවයක් රට තුළ පවති.

ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහයෝගය වෙනුවෙන් අමාත්‍යවරයා චීන රජයට ස්තූති කළ අතර, දෙරට අතර පවත්නා පූර්ණ පරාසයක සබඳතා ඉහළ නැංවීමේ ප්‍රමුඛතා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.⁣

චීන තානාපති ෂෙන්හොන්ග් මහතා, ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්‍ධනයට සහ රජයේ කොවිඩ්-19 අවම කිරීමේ ප්‍රයත්නවලට සහාය වීම සඳහා චීනය අඛණ්ඩ කැපවන බවට විදේශ අමාත්‍යවරයා හමුවේ පවසා අඅත.

සාකච්ඡාව ප්‍රධාන වශයෙන් කොවිඩ්-19 පිළිබඳ සහයෝගීතාවය, අන්තර් පුද්ගල හුවමාරු, ආර්ථික සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ බහුපාර්ශ්වික සහයෝගීතාව යන කරුණු වෙත යොමු විය.

විශේෂයෙන්, මෙම හමුව සඳහා කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද සහභාගී වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles