දිවයින පුරා ප්‍රදේශවලට ගෑස් බෙදා හැරීමේ කටයුතු අද සිට

0
579

අද සිට දිවයින පුරා ප්‍රදේශවලට ගෑස් බෙදා හැරීමේ කටයුතු සිදුකරන බව ලිට්‍රෝ සමාගම සදහන් කළේය.එම සමාගම සඳහන් කළේ දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000ක් පමණ වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඉදිරි දින කිහිපය තුළ පවතින ගෑස් හිගය හෙමිහිට පහව යනු ඇත.කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබූ නෞකාවේ අන්තර්ගත ගෑස් මෙටි්‍රක් ටොන් 3500ක තොගයක ගොඩබෑමේ කටයුතු ඊයේ පස්වරුවේ ආරම්භ කෙරුණා.

ආනයනය කළ ඕමාන් සමාගමට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 8ක මුදල ගෙවීමට රජය පියවර ගැනීමත් සමග ගෑස් ගොඩබෑම ඊයේ ආරම්භ කෙරුණේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here