දුම්වැටියක මිල රුපියල් 55 දක්වා වැඩිවෙයි

0
445
closup shot of cigarettes over white

දුම්වැටි සඳහා ඉදිරියේ දී සියයට 15 ක වැට් බදු පැනවූ පසු දුම්වැටියක මිල රුපියල් 55 දක්වා වැඩිවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. මේ වනවිට අමාත්‍ය මණ්ඩලය විසින් සිගරැට්ටුවක මිල රුපියල් 07 කින් ඉහළ දමා ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

දුම්වැටියක මිල රුපියල් 42 දක්වා වැඩි වුවද බීඩි සහ සුරුට්ටු පරිභෝජනය වැඩිවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සුරුට්ටු සහ බීඩි පරිභෝජනය ද අවම කළ යුතු බවත්, ඊට වඩා වැඩි හානියක් දුම්වැටි භාවිතා කිරීමේ දී සිදුවන බවත් රාජිත සේනාරත්න මහතා පැවැසීය.

දුම්වැටි මිල වැඩිකිරීමෙන් දුම්වැටි භාවිතය සියයට 4 සිට සියයට 5 දක්වා අඩු වී ඇති බවත් ඔහු පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here