දින කිහිපයක් පවත්වාගෙන ගිය අඛණ්ඩ වර්ජනය අවසන් කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් අද සිට සාමාන්‍ය පරිදි රාජකාරී සඳහා එක්වනවා.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාව සාර්ථක වීමත් සමගයි සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කළේ.
ඉල්ලීම් 25ක් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කලේ පසුගිය 23 වනදායි.
පසුගිය 23 වැනිදා මෙම වර්ජනය ආරම්භ කළ අතර දුම්රිය මගීන් වෙත ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් හා පාර්සල් බාර ගැනීමේ රාජකාරිවලින් වැළකී සිටියේය. වර්ජනය තවදුරටත් දැඩි කරමින් ඉන්ධන, සිමෙන්ති, තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වූයේ ඊයේ දිනයේ සිටයි.
කෙසේ වෙතත් වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමත් සමග සියලුම රාජකාරී කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් කටයුතු කරන බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා.
දින පහක් තිස්සේ පැවැති වැඩවර්ජනයට සාධනීය විසඳුම් ලැබීම හේතුවෙන් වර්ජනය අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.
සිය ඉල්ලීම් තුළ වෙනත් කිසිදු වෘත්තියකට අහිතකර වන ආකාරයේ ඉල්ලීම් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙි අතර සිය වෘත්තියට අහිතකර වන අකාරයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු කළහොත් තමන්ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමත් සමග සියලුම රාජකාරී කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් කටයුතු කරන බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා.