Monday, September 23, 2024

දෙදෙනෙකුට මරු කැදවූ යැවූ පිටත වටරවුම් අධිවේගයේ ලොරි රථ අනතුර

අද (29) අළුයම අධිවේගී මාර්ගයේ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා දිවෙන මං තීරුවේ දී  සිදුවූ  ලොරි රථ අනතුරකින්  පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි .

මෙම මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක ටයරයක  සිදුවූ ආපදාවක් හේතුවෙන්  එහි  රියදුරු සහ සහයක ලොරි රථය මාර්ගය අයිනේ නවතා අලුත්වැඩියා කරමින් සිටින අතරතුර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තවත්  ලොරි රථයක්  මෙම රථයේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

ලොරි රථය ගැටීමෙන් එහි රියදුරු මාර්ගයට විසි වී මිය ගොස් ඇති බවත් , ලොරි රථයට වම් පසින් ගමන් ගත් එහි හිමිකරු ලොරි රථය තුළ සිරි වී සිට  එය ගිණි ගැනීමට ලක්ව පිලිස්සුම් තුවාල ලබා මිය ගොස් ඇති බවත් වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරිය අලුත්වැඩියා කරමින් සිටි රියැදුරු සහයක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිවේගී මාර්ගයේ ගමන් කරන අතරතුර රථයක් යම්කිසි ආපදාවකට ලක් වුවහොත් එය එම ස්ථානයේ  සිටම  වහාම   එහි ආපදා අංශයට දැනුම් දී ඔවුන්ගේ සහාය ලබාගෙන ලබා අලුත්වැඩියා කටයුතු සිදු කළ යුතු බවත්, එසේ නොකර තම අභිමත  පරිදි රථය නවතා අලුත්වැඩියා නොකල යුතු බවත් පොලිසිය පවසයි.

මෙි අතර අද (29) උදෑසන කොළඹ පිටත වට රවුම් මාර්ගයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව නිවේදනයක් නිකුත් කලේය. 

එහි දැක්වෙන්නේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනයක් ආපදාවට ලක් වීමේ දී ඔවුන් විසින් පළමුව සිදු කළ යුත්තේ, එම වාහනය මාර්ගයේ ආරක්ෂිත කලාපයට අයින් කර වහාම 1969 අධිවේගී මාර්ග සේවා අංකයට කතා කර, ඔවුන්ගේ සේවය ලබාගැනීම බවයි. 

එසේ නොකර තමන් විසින්ම ආපදා කටයුතු පිළිසකර කිරීමට උත්සහ දරන රියදුරන් සහ රිය සහායකයින් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු අවධාරණය කරන්නේ.

අද එම අනතුර සිදුවූයේ කොට්ටාව සිට කඩවත දෙසට කොළඹ පිටත වටරවුම් මාර්ගයේ 16 වැනි කිලෝමීටර කණුව අසළදී. අලුයම සිදු වූ එමරිය අනතුරෙන් ලොරි රථ රියදුරෙකුට සහ එහි හිමිකරුට ජීවිත අහිමි වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles