දෙනව කිව්ව සහල් මෙටි‍්‍රක් ටොන් මිලියනය දෙන්න
චීන රජය බෑ කියයි

0
517

ශ‍්‍රී ලංකාව සහ චීනය අතර අත්සත් තබා ඇති රබර් සහල් ගිවිසුමට 70 වසරක් සැපිරීම නිමිත්තෙන්, චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබෙන බවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පසුගිය සතියේ ප්‍රකාශයක් කල අතර එය චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකාව විසින් කරන ලද ඉල්ලීමට චීනය එකඟ වී නොමැති බවත් කිසිදු පරිත්‍යාගයක් සිදු නොකරන බවත් චීන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රකාශ කල බව ද මෝර්නිං වෙබ් අඩවිය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් ද මෝර්නිං වෙබ් අඩවිය, වෙළද අමාත්‍යංශයෙන් විමසා ඇති අතර, වෙළද අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් මහේෂ් වික‍්‍රම පවසා ඇත්තේ, අදාල පරිත්‍යාගය ඉදිරි කාලයේ දී ලැබීමට නියමිත බවයි.

අදාල සහල් තොගය ලැබෙන්නේ නම් එය මෙරට මාස පහක සහල් අවශ්‍යතාවයට ප්‍රමාණවත් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here