Monday, May 6, 2024

බස් ගාස්තු ක්‍රම දෙකකට.හිටගෙන ගියොත් ගාස්තුව අඩුයි

අසුන් ගණනට වැඩියෙන් මගීන් ප්‍රවාහනය කිරිම නතර නොකරන්නේ නම් ඉදිරියේ දී මගී ප්‍රවාහන බස් රථවලට සිටගෙන යන මගින් සඳහා වෙනම ගාස්තුවක් හඳුන්වා දෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

බස් රථවල වාඩි නොවි ගමන් ගන්නා මගීන්ගෙන් අඩු මුදලක් අය කළ හැකි පරිදි නව බස් ගාස්තු ක්‍රමයක් ලබන සතියේ සිට හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන්නේ යැයි ප්‍රවාහන රාජ්‍ය ඇමැතිවරයා පවසා සිටියා.


ආසන ගත මගීන් ප්‍රමාණය ඉක්මවා මගීින් රැගෙනයාම දිගින් දිගටම සිදුවන බැවින් මෙම තීරණය ගැනීමට සිදුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඉකුත් 05 වැනිදා සිට මගී ප්‍රවාහන බස්රථවල ගාස්තු ඉහළ දැමීමට රජය පියවර ගත්තේ කොරෝනා අර්බුදය හේතුවෙන් වැටී තිබූ මගී ප්‍රවාහන ක්ෂේත්‍රයට යම් සහනයක් ලබාදීමේ අරමුණින්.


එහෙත් බස් ගාස්තු වැඩි කළ දා සිටම එම එකඟතාවය කඩ කරමින් මගී බස්රථවල ආසන ගත මගීන් ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන අයුරු දිවයිනේ බොහෝ ප්‍රදේශවලදී නිරීක‍ෂණය වුණා.


ඒ මගී බස්රථ හිමියන් හා ප්‍රවාහන බලධාරින් අතර පැවති සාකච්ඡාවලට අනුව ඉන්ධන මිල සහ අමතර කොටස්වල මිල ඉහළයාම ද සැලකිල්ලට ගනිමින්.
එම සාකච්ඡාවල දී බස් ගාස්තු 16%කින් වැඩි කිරීමට ප්‍රවාහන බලධාරින් එකඟතාව පළකළේ කොන්දේසි කිහිපයක් සමඟයි.
ආසනගත ප්‍රමාණයට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම එම කොන්දේසි අතර ප්‍රධාන වුණා.

මගී ප්‍රවාහන බස්රථ අදාළ කොන්දේසිය කඩ කරමින් දිගින් දිගටම කටයුතු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළකළා.

ඒ අනුව එළඹෙන සතිය තුළ බස් රථවල හිටගෙන යන මගීන් සඳහා හිටගෙන යාමේ ගාස්තුව හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ආසන ගත ක්‍රමයට මේ වන විට මගීන් ගෙනයාම සඳහා අවසර ලබා දී ඇති අතර රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඇතැම් බස්රථ විසින් එම නීතිය කඩ කරන බවයි.

කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ආසන ගණනට පමණක් මගීන් ගෙන යෑමේදී සිදුවන පාඩුව අවම කර ගැනීම සඳහා ගාස්තු ඉහළ දැමීමක් කර තිබියදී ඇතැම් බස් රථවල ආසන ගත නීතිය උල්ලංඝනය කරමින් මගීන් ප්‍රවාහනය කරන බවද ඇමැතිවරයා කීවේය.

බස් ගාස්තු ඉහළ දැමීමක් කර තිබියදීත් දිගින් දිගටම ආසන ගත නීතිය උල්ලංඝනය කිරීම සිදුවන බැවින් හිටගෙන යන මගීන්ගෙන් සංශෝධනයට පෙර පැවැති ගාස්තු අය කිරීමට හැකි ලෙස නව ක්‍රමයක් හඳුන්වා දෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

ආසන ගත නීති උල්ලංඝණය කරන සියලුම බස් රථ අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවත් ඒ අනුව බොහෝ ප්‍රදේශවල නීතිය ක්‍රියාත්මක වී තිබුණු බවත් ඇමැතිවරයා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles