Sunday, May 19, 2024

අධිකරණයට අපහාස කළ රංජන්ගේ දෙවන නඩුව මාර්තු 9 යළි විභාගයට ගැනේ

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අවමන් සහගත ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඇතුළත් දෙවන නඩුව එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී නවාස් ත්‍රිපුද්ගල යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ මාර්තු 9 වැනිදාට විභාගයට ගැනීමටයි.

රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අශාන් ප්‍රනාන්දු මහතා අධිකරණයට දන්වා සිටියේ ඔහුගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුර මැද්දේගොඩ මහතාට අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බවයි.

2021 ජනවාරි 11 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමේ වරදට වරදකරු කළ අතර ඔහුට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

අධිකරණයේ පවතින කීර්තිනාමයට අපහාස වන අයුරින් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කර ඇති බවට වූ පැමිණිල්ලකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. 2018 ඔක්තෝම්බර් මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් කඩකිරීමේ පෙත්සමක් ප්‍රසිද්ධියේ විවේචනය කරමින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles