Friday, January 24, 2025

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගාණක් වටිනා සුඛෝපභෝගී හෝටලයක් සීඅයිඩියට

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් “දෙමටගොඩ රුවන්” නමැත්තාට අයත් මීගමුව පිටිපන පාරේ පිහිටි රුපියල් කෝටි 40කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගි හෝටලයක් ඊයේ (24) පස්වරුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන තිබේ.

චෙකොස්ලෝවේනියානු ජාතිකයෙකු විවාහ කරගෙන සිටින මෙරට කාන්තාවකට අයත් මෙම දේපල සැකකාර දෙමටගොඩ රුවන් නැමැත්තා මිලට ගෙන ඇත්තේ මීට වසර හතරකට පමණ පෙර බවට කරුණු හෙළිවූ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පර්චස් 100කට ආසන්න භූමි ප්‍රමාණයක පිහිටි මෙම භූමිය මීගමුව මුහුදු වෙරළට මුහුණලා පිහිටි අති සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් සහිත ස්ථානයකි.

සැකකාර දෙමටගොඩ රුවන් නැමැත්තා නිති විරෝධී අන්දමින් උපයා ගත් දේපලවල වටිනාකම රුපියල් කෝටි 79කට අධික බව මේ වන විට හෙළිකරගෙන තිබෙන බව ද වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles