Saturday, January 11, 2025

දේශීය පුවත් ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාමේ සිද්ධියට අත් අඩංගුවට ගත් දත්ත කළමනාකරණ සමාගමේ CEOට ඇප

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ තිබූ දත්ත මැකී යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම දත්ත කළමනාකරණය කළ එපික් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තරීන්ද්‍ර කල්පගේ ඊයේ ඇප මත මුදා හැරියේය.

පසුගිය දා රාත්‍රියේ දී අදාළ සැකකරු CIDය විසින් අත් අඩංගුවට ගෙන, අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනෙවිය විසින් අදාළ නියෝගය ලබා දී තිබෙනවා.

එහි දී රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02 ක් මත සැකකරු මුදා හැර ඇති අතර ඔහුගේ විදෙස් ගමන් තහනම් කෙරුණු අතර විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට දෙන ලෙසටයි නියම කර සිටියේ.

සෑම මාසයකම අවසන් ඉරිදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටත් ලබන 13වන අදාළ නඩු විභාගය නැවත කැඳවීමටත් අද දින නියම කෙරුණි.

NMRA හි දත්ත මැකී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් CID විසින් පරීක්ෂණ සිදු කරනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles