නඩු භාණ්ඩ කඩිනමින් නිෂ්කාෂණය කරන්න වැඩපිළිවෙලක්

0
419

අධිකරණවල නඩු භාණ්ඩ වශයෙන් ගොඩගැසී පවතින වාහන ඇතුළු උපකරණ කඩිනමින් නිෂ්කාෂණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එහි මුලික පියවරක් වශයෙන් දිවයිනේ පිහිටි සියලුම අධිකරණවල පවතින අදාළ නඩු භාණ්ඩ ප්‍රමාණයන් හා එම නඩු භාණ්ඩවල වර්තමාන තත්ත්වයන් පිළිබඳ කඩිනමින් වාර්තාවක් කැඳවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ අනුව දිවයිනේ සියලුම අධිකරණවලට අදාළ තොරතුරු නොවැම්බර් මස අවසන්වීමට පෙර අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලයට යොමුකළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.

සියලුම මහාධිකරණ විනිසුරුවරුන්ට සහ සියලුම අධිකරණ නිලධාරීන් වෙත අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලිඛිතව දැනුම්දීමක් ද සිදුකර ඇත.

රථ වාහන, පාපැදි, දැව, වැලි, ගල්, පස්,මැටි හා නීතී විරෝධී මත්පැන් ගබඩා කිරීමට යොදගන්නා බැරල්, භූලි වැනි විශාල බහලුම් මෙලෙස කඩිනමින් නිෂ්කාෂණය කිරීමට නියමිතය.

ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here