Saturday, April 27, 2024

සී.අයි.ඩීයට නව අධ්‍යක්ෂවරයෙක් සමග ලොකු පුටු වෙනස් වෙනස් වෙයි

මාතර හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබෙනවා.

ඒ සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහ ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 02ක් සහ ස්ථානාධිපතිවරුන් 06කට වහාම ක‍්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් තල්දූව පවසයි.

මේ අතර ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිව සිටි නුවන් වෙදසිංහ එම තනතුරට අමතරව මාතර හා හම්බන්තොට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන්ද පත්කර ඇත.

ස්ථාන මාරුවීම් ලැබු ස්ථානාධිපතිවරුන් පස් දෙනා අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ජී එස් සුසන්ත මහතා මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති වශයෙන් ද, මහනුවර කොට්ඨාසයේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් පී අයි සංජීව මහතා පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් ද, මහනුවර කොට්ඨාසයේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් ඒ පී රණසිංහ මහතා පොත්තපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් ද, පොද්දල පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් සිටි ප්‍රධාන පොලිස්පරීක්ෂක පී එස් සී සංජීව මහතා මොණරාගල මුලස්ථාන පොලිස් පරීක්ෂක වශයෙන් ද , ඇතිමලේ පොලිස් ස්ථානාධිපති වශයෙන් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.එන්. බුලත්සිංහල මහතා බණ්ඩාරවෙල කොට්ඨාසයේ සාමන්‍ය රාජකාරි සදහා ද, නුගේගොඩ කොට්ඨාසයේ සිටි පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ.බී.අරෝෂන් මහතා ගොතටුව පොලිස් ස්ථානාධිපති වශයෙන් ද, පත්කර ඇති බව පොලිස් මුලස්ථානය ආරංචි මාර්ග පවසයි.

සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles