නත්තල අවසන් වීමත් සමගම බෝංචි , වම්බටු , මාළු මිරිස් ඇතුළු එලවළු මිල ඉහළට

0
340

නත්තල අවසන් වීමත් සමඟ වෙළෙඳපොළේ එළවළු මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

රුපියල් 400 ට අලෙවි වූ කැරට් කිලෝවක් රුපියල් 480 ත් 500 ත් අතර මිලකටද , බෝංචි , වම්බටු , මාළු මිරිස් පෙර පැවති මිලට වඩා රුපියල් 75.00 කින් පමණ මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි..

අමු මිරිස් කිලෝවක් පෙර පැවති මිලට වඩා රුපියල් 200 කින් ඉහළ යාම නිසා අමු මිරිස් කිලෝවක් රුපියල් 1200 කට අලෙවි වේ.

මුරුංගා කිලෝවක් රු 600 දෙල් ගෙඩියක් රු 180 , පලා මිටියක් රු 60 දක්වා ඉහළ ගොස් තිබේ.

හැටන් ප්‍රදේශයේ එළවළු පාරිභෝගිකයන් සඳහන් කළේ එළවළු ග්‍රැම් 250ක් මිලදී ගත් තමන්ට මේ වන විට එළවළු ග්‍රෑම් 100 මිල දී ගැනීමට සිදු වී ඇති බවයි.

එළවළු මිල ඉහළ යාමට හේතුව වී ඇත්තේ එළවළු ගොවිපොළවල් තිබූ එළවළු නත්තල් සමයට වෙළෙඳපොළට නිකුත් කිරීම නිසා බවත්, මේ වන විට වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම නිසාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here