Sunday, May 19, 2024

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග කාලසටහන නිකුත් කෙරේ

සංචාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර සංවිධානය කෙරෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (28) ප්‍රකාශයට පත් කළා.

ජනවාරි 16 වැනිදා සිට 21 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයේ දී එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මෙම තරග ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ තරග පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙි.

එක්දින තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව කණ්ඩායම් දෙක අතර පළමු එක්දින තරගය ජනවාරි මස 16 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනු ඇත.

දෙවන තරගය ජනවාරි 18 වනදා සහ ජනවාරි 21 වැනිදා තෙවන තරගය පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියට සහභාගි වන සිම්බාබ්බේ කණ්ඩායමේ ක්‍රීඩකයින් ජනවාරි මස 10 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කරයි.

සිම්බාබ්වේ කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2017 වසරේ දී වන අතර ඒ එක්දින තරග 5කින් යුත් තරගාවලියක් සඳහායි. ගාල්ලේ සහ හම්බන්තොට දී පැවැත්වුණු එම තරගාවලිය 3-2ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles