නව රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීහු පත්වෙති.

0
698

රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කර තිබෙනවා.

ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අද (13) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඔවුන්ට පත්වීම් ප්‍රදානය කර තිබෙනවා.

ඒ අනුව රූපවාහීනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අසංක ප්‍රියනාත් ජයසුරියත්, ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ලෙස වරලත් ගණකාධිකාරි ගණක අමරසිංහත්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස හඩ්සන් සමරසිංහත් පත්කර ඇති බවයි සඳහන් වන්නේ. ගුවන් විදුලි සංස්ථාවේ පදවිය එලෙසම පවතිනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here