නාමල් රාජපක්ෂට හෙලෝකෝප් මිලදී ගන්න -මිලියන 100 ආවේ කොහෙන්ද ?

0
401

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට එරෙහි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන සඳහා බැංකු 9ක ගිණුම් 15කට ආසන්න ප්‍රමාණයක් වැඩිදුර පරීක්ෂා කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද අවසර ලබා දී තිබේ.

ඒ, අයථා ලෙස උපයාගත් බව කියන මුදල් වලින් රුපියල් මිලියන 100ක් වියදම් කර හෙලෝකෝප් සමාගම මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශන වෙනුවෙනි.

එසේම අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් සහ දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, අල්ලස් කොමිසමට අපහාස කළ බවට චෝදනා කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (31) කැඳවූ අවස්ථාවේ දීයි.
ඒ අනුව මන්ත්‍රීවරයාට ලබන 15 වෙනි දා අල්ලස් කොමිසම හමුවට පැමිණෙන ලෙස  ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here