Tuesday, May 7, 2024

රූට් එකෙන් පිට පැන්න සුනිල් ජයලත්ට ලෙඩක්

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැණ වැදිමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා ලිපියක් මගින් ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතාට පැමිණිලි කිරීම ගැටලුකාරී තත්ත්වයක් මතුකර ඇතැයි වාර්තා වේ

ඒ දිස්ත්‍රික් ලේකම්වරයාට මෙවැනි ගැටලුවක් සම්බන්ධයෙන් සෘජුව පැමිණිලි කිරීමේ හැකියාව ඇත්තේ ස්වදේශකටයුතු ලේකම්වරයාට වීම නිසාය්‍ය

ඔහුට එවැනි පැමිණිල්ලක් සෘජුව ජනාධිපතිවරයාට යොමුකළ නොහැකි බව පැවසේ.

මේ අනුව සුනිල් මහතාගේ හැසිරීම වෘත්තීය සමිති නායකයකුගේ හැසිරීමට සමාන වන බවට රාජ්‍ය පරිපාලන ඉහල නිලධාරීන්ගෙන් චෝදනා එල්ලවී ඇතැයි  වාර්තා වේ.

දිස්ත්‍රික් ලේකම් තනතුර දෙපාර්තමේන්තු ප්‍රධානී මට්ටමේ තනතුරක් වන බවත්, එබැවින් රජය අපහසුතාවයට පත්නොවන ආකාරයට කටයුතු කිරීමටත්, තමන් යටතේ සිටින නිලධාරීන් හසුරුවා ගැනීමටත් ඔහු රාජ්‍ය නිලධාරියකු ලෙස සම්පූර්ණ අසාර්ථක වී ඇති බවටද අදාළ නිලධාරීන් චෝදනා කර සිටී.

සුනිල් ජයලත් මහතා ජනාධිපති ලේකම්වරයාට යවන ලද ලිපියේ පිටපතක් පහත දැක්වේ. www.srilankamirror.com

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles