Thursday, January 23, 2025

නිරූපමා රාජපක්ෂ ලක්මව ජාත්‍යන්තරයට ගෙනයයි…

වර්තමාන ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතිවරියක වන

හිටපු ඇමතිනී නිරූපමා දීපිකා රාජපක්ෂ මහත්මියගේ නමද පැන්ඩෝරා පත්‍රිකා අතරින් හමුවී ඇත.

ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් සමග එක්ව ඇය ව්‍යාජ සමාගමක් (shell company) පවත්වාගෙන ගිය බවත් ඒ හරහා ලන්ඩන් සහ සිඩ්නි නගරවල නිවාස මිලට ගැනීම සහ වෙනත් ආයෝජනවල යෙදීම සිදුවූ බවත් පැන්ඩෝරා පත්‍රිකා වල සඳහන් වනවා.



බිලියනපතියන් 100 කට වැඩි ගණනක, ලෝක නායකයින් 30 දෙනෙකු සහ රාජ්‍ය නිලධාරීන් 300කගේ රහස් අක්වෙරළ ගනුදෙනු සහ මිලියන ගණනක සැඟවුනු වත්කම් පිළිබඳව, ඉතිහාසයේ කාන්දු වූ විශාලතම ලිපි ලේඛන ප්‍රමාණය ලෙස පැන්ඩෝරා පත්‍රිකා සැලකේ.

විවිධාකාරයෙන් ධනය රැස් කරගත් පුද්ගලයින් විසින් බදු ගෙවීම මග හැරීම සඳහා හෝ සිය වත්කම් සැඟවීම උදෙසා පැනමා, ඩුබායි, මොනාකෝ, ස්විට්සර්ලන්තය සහ කේමන් දූපත් වැනි ‍රාජ්‍යයන්හි ව්‍යාජ සමාගම් (shell company) භාවිතා කිරීම උදෙසා භාරදුන් සමාගම් වලට අදාල ලිපි ගොනු මිලියන 11.9 ක් මීට අයත් බව පැවසේ.

වත්මන් සහ හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන් සහ රාජ්ය නායකයින් ඇතුළුව ලෝක නායකයින් 35 දෙනෙකුගේ රහසිගත අක්වෙරළ කටයුතු මේ හරහා හෙළිවී ඇත. එමෙන්ම, රටවල් 90 කට වැඩි ගණනක රජයේ ඇමතිවරුන්, විනිසුරුවන්, නගරාධිපතිවරුන් සහ හමුදා ජෙනරාල්වරුන් වැනි 300 කට වැඩි වෙනත් රාජ්‍ය නිලධාරීන්ගේ රහස්‍ය මූල්‍ය කටයුතු ද මේ හරහා හෙළිවී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles