Friday, May 17, 2024

ඉන්දීය විදේශ ලේකම්වරයා පැමිණියේ ඕපාදූප හොයන්න නෙමේ.තානාපති සබඳතා ශක්තිමත් කරන්න – නාමල්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා මෙරටට පැමිණ තිබෙන්නේ තනාපති සබඳතා ශක්තිමත් කිරීමට බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා සිටියි.

ඊයේ හම්බන්තොට පැවති වැඩසටහනකින් අනතුරුව  ඉන්දීය විදේශ ලේකම්වරයාගේ මෙරට සංචාරය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

තානාපති සම්බන්ධතා ඇති විදෙස් රටවල් සමග ශ්‍රී ලංකාව ගනුදෙනු කරන බවත් දිර්ඝ ඉතිහාසයක් සහිත අසල්වැසි රට සමග ද එලෙසම සබඳතා පවතින බවත් තවත් රටවල බොහෝමයක පිරිස් මෙරටට පැමිණ සිටින බවත් එලෙස පැමිණෙන අය අතර ඕපාදූප හොයන අය සිටිය ද ඉන්දීය විදේශ ලේකම්වරයා පැමිණ සිටින්නේ එවැනි කරුණකට නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

”අපි විදේශ රටවල් එක්ක තනාපති සම්බන්ධතා තිබෙනවා. ඒ සම්බන්ධතා තිබෙන රටවල් එක්ක අපි ගනුදෙනු කරනවා. ඉතිං ඒවගේම තමයි ඉන්දියාවත් එහෙමයි අපි අසල්වාසි රට. දිර්ඝ ඉතිහාසයක් තිබෙනවා. අපි දෙගොල්ලෝ අතර විශාල බැදීමක් තිබෙනවා. බෞද්ධ ධර්මය දර්ශනය අපිට ලැබුණේ, එතුමන්ලගෙන් එතුමන්ලගේ විදේශ අමාත්‍යවරයා නෙමෙයි ලේකම්වරයා ලංකාවට පැමිනෙනවා. එතුමන්ලාගේ රාජ්‍ය මැදිහත්වෙලා කරපු සංවර්ධන යෝජනා ක්‍රම බොහොමයක් තිබෙනවා. ඒ පිළිබඳව අධික්ෂණය කරන්න සහ ඒක ජනතා අයිතියට පත් කරන්න ලංකාවට එනවා. ඒවගේම තවත් රටවල බොහෝමයක් අය ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා ඕපා දූප හොයන අයත් ඉන්නවා. මෙහෙම කාරණයකට නෙමෙයි එන්නේ. මෙයා එන්නේ ඒ තානාපති සබඳතා ශක්තිමත් කරන්න”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles