නුදුරේදීම පැය 24 ම විදුලි කප්පාදුවක් – ලංකා විදුලි සේවක සංගමය දැනුම් දෙයි

0
309

නුදුරේ දීම පැය 24 ම විදුලි කප්පාදුවක් රට තුළ ක්‍රියාත්මක වෙන දිනය එළඹෙනු ඇති බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.

ඒ අනුව විදුලිය නොමැති කමෙන් රට වසා දැමීමට සිදුවන දිනය ඉතා ආසන්න වෙමින් ඇති බවත් ලංකා විදුලි සේවක සංගමය කියයි.

විදුලි ක්‍ෂෙත‍්‍රයේ පවතින අර්බුද සඳහා ආණ්ඩුව විසඳුම් සෙවීමට කටයුතු නොකිරීම මෙම තත්වයට හේතුව බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

නුදුරේදීම පැය හයක් නොව පැය 24 ම විදුලිය විසන්ධි කිරීමේට අවස්ථාවක් එනු ඇති බවත් කොරෝනා වසංගතයට රට වසා දැමූ ලෙසම විදුලිය නැතුව මුළු රටම වසා දැමීමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බවත් බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here