Tuesday, November 19, 2024

නේටෝ හමුදා රුසියානු දේශ සීමාව ආසන්නයේ බල මුළු තර කරයි

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වන විට රුසියානු දේශ සීමාව ආසන්නයේ නේටෝ හමුදාවන් සීරුවෙන් තැබීමට එම සංවිධානය කටයුතු කර තිබේ.

මේ වන විට රුසියා දේශ සීමාව ආසන්නයේ නේටෝ හමුදාවන් සීරුවෙන් තැබීමට එම සංවිධානය කටයුතු කර තිබේ.

ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට නේටෝ සංවිධානය හදිසි ප්‍රතිචාර බලකාය ආරක්ෂක පියවරක් ලෙස සක්‍රීය කරමින් රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ප්‍රහාරය හේතුවෙන් නේටෝ සංවිධානය සිය හමුදා බල මුළු තර කරමින් සිටි.

නේටෝ මිත්‍ර හමුදාවේ හමුදාපති ජෙනරාල් ටොඩ් වෝල්ටර්ස් නේටෝ සන්ධානයට සහය දැක්වීම සඳහා ඉක්මනින් යෙදවිය හැකි මිත්‍ර පාක්ෂිකයින්ගෙන් ගොඩබිම, ගුවන, මුහුද සහ විශේෂ මෙහෙයුම් බලකායන්ගෙන් සමන්විත මෙම සන්ධාන බලකාය සක්‍රීය කිරීමට අද නියෝග නිකුත් කරනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

“රුසියාවේ යුක්රේනය ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන් නේටෝ උත්තරීතර මිත්‍ර හමුදාපති ජෙනරාල් ටොඩ් වෝල්ටර්ස්( Tod Wolders)විසින් ප්‍රථම වරට 40,000 භට නේටෝ ප්‍රතිචාර බලකායේ අංග සක්‍රීය කර ඇත. මෙම බළකාය ගොඩබිම්, ගුවන්, මුහුද සහ විශේෂ මෙහෙයුම් බලකායන්ගෙන් සමන්විත වේ.
මෙම බලකාය සක්‍රීය කරඇත්තෙ රුසියන් ජනාධිපති ෆින්ලන්තයට සහ ස්වීඩනයට අනතුරු ඇඟවීමෙන් පසුවය.” – (CNN)

නේටෝ සංවිධානයේ හදිසි ප්‍රතිචාර බලකාය සක්‍රීය කිරීමෙන් අදහස් කරන්නේ අමෙරිකානු හෝ නේටෝ හමුදාව මෙතෙක් සිය සන්ධානයේ සාමාජිකයෙකු නොවන යුක්රේනයට භට පිරිස් පිටත් කර හැරීමක් නොවන බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.

රුසියාවේ ආක්‍රමණශීලී ක්‍රියා සම්බන්ධයෙන් නේටෝ සංවිධානයට අයත් නැගෙනහිර යුරෝපයේ රටවල් කලබලයට පත්ව සිටින බැවින් සිය අමතර හමුදා භට පිරිස් එම කලාපයට පිටත් කර හැරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් උපදෙස් ලබාදී තිබුණා.

මේ අතර වහාම සටන් නතර කොට යුක්‍රේන පාලන ප්‍රදේශවලින් ඉවත්වෙන ලෙස නේටෝ සංවිධානය විසින් රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත අද දැනුම් දී සිටියා. ඔවුන් සඳහන් කර සිටියේ පවතින ගැටලුව විසඳා ගැනීම සඳහා යුදමය ක්‍රියාවන් ගෙන් තොරව සාකච්ජා මාර්ගයට පිවිසීම වැදගත් බවයි.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් පවසන්නේ තම රටට එරෙහිව අවි ඔසවන ඕනෑම රටකට තම යුධ ශක්තිය පෙන්වීමට රුසියාව සූදානම් බවයි.

මේ හේතුවෙන් යුරෝපයේ දේශ සීමාවන් ද ආරක්ෂාව තර කරමින් සිටියි.

මේ වන විට රුසියා දේශ සීමාව ආසන්නයේ නේටෝ හමුදාවන් සීරුවෙන් තැබීමට එම සංවිධානය කටයුතු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා රුසියාවෙන් ඉල්ලා ඇත්තේ දැනටමත් බොහෝ පිරිසක් මිය ගොස් ඇති නිසා වහාම යුද්ධය නතර කරන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමන් කිසිසේත්ම යුක්‍රේන භූමිය අල්ලා ගැනීමක් සිදු නොකරන බවත් රුසියාවට එරෙහිව සන්නද්ධව යුක්‍රේනයේ සිටින්නන් නිරායුධ කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බවත්ය.

දැනට මෙම ගැටුම්කාරී තත්වය හේතුවෙන් පුද්ගලයන් 150ක පමණ පිරිසක් මියගොස් තිබේ.

යුක්රේනයේ සටන් පවතින ප‍්‍රදේශවල පොදු පහසුකම් විශාල වශයෙන් බිඳ වැටී ඇති අතර යුක්රේන අගනුවර සිටින ජනතාව යුරෝපා දේශසීමාවන් වෙත වේගයෙන් පලා යමින් සිටිති.

මේ හේතුවෙන් යුරෝපයේ දේශ සීමාවන් ද ආරක්ෂාව තර කරමින් සිටියි.

නේටෝ සංවිධානයේ හදිසි ප්‍රතිචාර බලකාය සක්‍රීය කිරීමෙන් අදහස් කරන්නේ අමෙරිකානු හෝ නේටෝ හමුදාව මෙතෙක් සිය සන්ධානයේ සාමාජිකයෙකු නොවන යුක්රේනයට භට පිරිස් පිටත් කර හැරීමක් නොවන බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles