නොරොච්චෝලේ අක්‍රියව තිබූ ජනන යන්ත්‍රය අද ජාතික පද්ධතියට – ලංවිම

0
322

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අක්‍රියව තිබූ විදුලි ජනන යන්ත්‍රයේ ධාරිතාවය අද දිනය තුළ ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කරන නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300 ක ජනන යන්ත්‍රයක් හදිසි බිඳවැටීමකට ලක්වුණේ පසුගිය දෙසැම්බර් 03 වනදායි.

එම යන්ත්‍රයෙන් අහිමිවූ මෙගාවොට් 300 ක විදුලි ධාරිතාව දැනට ආවරණය කරගැනෙන්නේ කැලණිතිස්ස ඩීසල් බලාගාරය මගිනුයි.

මේ අතර දින 27 ක පමණ කාලයක් වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මූලික කටයුතු යළි ආරම්භ කළ බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කලා.

බොරතෙල් මිලදී ගැනීමට ඩොලර් සපයාගත නොහැකිවීමෙන් පසුගිය ජනවාරි මස 03 වැනිදා සිට පිරිපහදුව වසාදමන බවයි අමාත්‍යංශය මීට පෙර නිවේදනය කලේ.

කෙසේවෙතත් මෙට්‍රික්ටොන් 90,000 ක බොරතෙල් ප්‍රමාණයක් රැගත් නෞකාවක් පසුගියදා දිවයිනට පැමිණි අතර එය බොරතෙල් පිරිපහදුව වෙත සැපයීමට පියවර ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here