Friday, May 3, 2024

මාස 4කට පසු දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවයි

කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1056 දෙනකු ඊයේ (30) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

විදේශයන්හි සිට පැමිණි දෙදෙනෙක් ද ඒ අතර වෙති.

ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 610,103 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

ඒ අනුව මාස 4කට පසු යළිත් වතාවක් දෛනික කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය 1000 ඉක්මවා ගොස් තිබේ.

මෙි අතර මෙරට තුළ ගත වූ සතියේ දී වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊට පෙර සතියට සාපේක්ෂව 15%-20% ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව ත්, කොරෝනා මරණ සංඛ්‍යාව ද 5%-6% ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව ත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19
සම්බන්ධීකාරක සහ තාක්ෂණ සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානී මහතා ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles