Thursday, May 2, 2024

මහින්දානන්ද වෙලට බස්සලා රඟපාපු තිර පිටපත අසාර්ථකයි – තිස්ස අත්තනායක

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කුඹුරු ගානේ යමින් චිත්‍රපට රඟපාමීන් ඇතැයි සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

ගොවි මහත්වරුන් ලෙස රඟපාන පිරිස කාබනික ගොවිතැන සාර්ථක බවත් අස්වනු හොඳ බවත් ඇමැතිවරයා ඉදිරියේ ප්‍රකාශ කරන බවයි, තිස්ස අත්තනායක ප්‍රකාශ කරන්නේ.

මුළු රටේ ම ගොවි ජනතාවත් කෘෂි විද්‍යාඥයොත් මෙවර අස්වනු 50%කින් අඩු බවත් ආදායම අඩු වන බව පවසන බවත් පවසන අතර මහින්දානන්ද අලුත්ගමගේ චිත්‍රපට රඟපාමින් සිටින බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.

අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ අළුත්ගමගේ ඇමතිවරයාගේ වෙල් බැහිල්ල කලින් ලියන ලද තිරනාටකයකට අනුව කළ චිත්‍රපටයක් බවයි.

නමුත් මෙම චිත්‍රපටය දුර්වල තිරනාටකයක් මත නිපදවූ එකක් බවයි අත්තනායක මහතා පෙන්වා දෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles